Friday, October 7, 2016

සිංහලේ රේඩියෝව - Sinhale Radio

Sinhale Radio
මේ වන විට සිංහලේ දීපයේ  සිංහලයා හට නොයෙක්  දුක් දොම්නස්  අවහිර බාධා කම්කටොලු මතුවෙමින් පවතින අතර යුද්ධයේ අඳුරු සෙවනැලි  තවමත්   මේ දීපයේ  වරින් වර මතු වන බව ඔබ සියලු දෙනා දන්නා රහසකි..

බෙදුම් වාදීන්, අන්ත වාදීන්, මුලධර්ම වාදීන් , විසින් මේම සිංහලේ දීපය බෙදා වෙන් කරන්නට හා ඔවුගේ ප්‍රජාව මේ රට තුල වැඩි කරමින් මේ සිංහලේ දීපය අත්පත් කර ගැනීමටද  ඔවුන්ගේ ආගම් සංස්කෘතීන් මේ රට තුල ස්ථපනය කරමින්  ඔවුන්ගේ ස්ථාවරත්වය  ගොඩ නගා ගැනීමට නිහඩ ආක්‍රරමනයක් සිදු කරන බවද ඔබ දන්නා රහසකි.

එමෙන්ම  මේ සියල්ල හමුවේ .... වග කිවයුතු පිරිස් තමන්ගේ  බලයට මුදලට ආශා කරමින් නිහඩව සිටින බවද ඔබ දන්නා රහසකි,

මෙ සියල්ල හමුවේ රටට ජාතියට ආගමට අදරේ කරන සුලුපිරිසක්  මේ දීපයට වන පරිහානීය අරාජික බව  හමුවේ  යලි නැගී සිටින්නට  සංවිධාන ගතවෙමින්  සිංහලේ දීපයත් සිංහලේ ජාතියත් පරම පිවිතුරු නිර්මල බුදු දහමත් රැක ගන්නට අපරිමිත උත්සහයක් දරමින් සිටී.

ඒ අතරින් ප්‍රධාන වශයෙන්  

සිංහලේ ජාතික සංවිධානය
මහසොහොන් බලකාය
බොදුබල සේනාව 
ආදී සංවිධාන ප්‍රධන තැනක් ගනී..

මෙම සංවිධාන අතරින්  සිංහලේ ජාතික සංවිධානය  සිංහලයා නැවත අවදි කර  අපේ සිංහල සංස්කෘතිය ආගම වගේම ජාතියේ සුරක්ශිත භාවය උදෙසා  නව තාක්ෂණයද උපයෝගී කර ගනිමින්  ඉදිරියටම යමින් සිටී..


එහි එක් පියවරක් ලෙස  සිංහලේ රේඩියෝව  පසුගියදා එලි දැක්විනි.

සිංහලේ  රේඩියෝව මගින් සිංහලේ ජාතික සංවිධානය බලා පොරොත්තු වන්නේ  මේ රටේ සත්‍යය  සිංහලයාට අවබෝධ කරමින් සිංහල අපට අනන්‍යය වූ අපේ සංස්කෘතිය ඉතිහාසය සිංහලයාට අවබෝධ කර දී සිංහලයා ශක්ති සම්මන්න කිරීමටය.

 එනම් රටට ජාතියට ආගමට ආදරය කරන මිනිසෙක් බිහි කිරීමටය.
  විශ්ව ගම්මනයේ ඇති විවිධ  අර්බුධ වලට අභිමානවත්ව මුහුණ දිය හැකි ලාංකිකයෙක් බිහි කිරීමටය.


සිංහලේ රේඩියෝව මගින් මේ උදෙසා  විවිධ වැඩ සටහන් ප්‍රචාරය කරයි..

ඔබත් සිංහලේ රේඩියෝව සමගින් අත්වැල් බැද ගත යුත්තේ හුදෙක් ඔබගේ දැනුවත් වීම උදේසාම නොව  ඔබගේ  ලෙයින් හෙට දින ජනිතවන  නූපන් දරු පරම්මරාවල්  ඔබ විසින් දැනුවත් කිරීම උදෙසාය.

එසේනම් දැන් ඔබට සිංහලේ  රේඩියෝව google play store  මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ දුරකථනයට ලබා ගත හැකිය.

සිංහලේ රේඩියෝවේ  ඇති පහසුකම් කිහිපයක් පහතින් දැක්වේ...


 ඔන්ලයින්  රේඩියෝ විකාශණය
sinhale radio free download for androide
sinhale live radio
මෙම ඇන්ඩ්‍රොයිඩ ඇප් එකේ live නැමති  පිටුවෙන්  ඔබට සජීවී සිංහලේ රේඩියෝව ශ්‍රවනය කල හැකිය. 



 මෙමගින් ඔබට ධර්ම දේශනා  සිංහලේ ජාතික සංවිධානයේ තේමා ගීතය හා දේශප්‍රේමී ගීත ශ්‍රවනය කල හැකිය.. 



අරමුණු
මෙම පහසු කම ඔබට ලබා දී ඇත්තේසිංහලේ ජාතික සංවිධානයේ අරමුණු හා ප්‍රති පත්ති ගැන පුලුල් අවබෝධයක් ලබා දීමටය.




මෙම සුවිශේශී පහසුකම ඔබට  ලබා දී ඇත්තේ සිංහලේ ජාතික සංවිධනයත් සමග අත්වැල් බැද ගැනීමටය.  ඔබගේ අයදුම් පත මෙම පහසුකම හරහා සිංහලේ ජතික සංවිධනයට එවීමෙන් ඔබ සිංහලේ  ජාතික සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනී...එනම් ඔබත් දේශප්‍රේමි පුද්ගලයෙකු ලෙස රට දැය සමය රැක ගැනීමට ඔබට හැකි අයුරින් එක් වීමයි.




මෙම පහසු කම මගින් ඔබට සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධවිය හැකිය.

ඔබට සිහලේ රේඩියෝව ලබා ගැනීමට  sinhale live radio ලෙස type කර  google play store හි search කරන්න.

playe store ලිපිනය ලබා ගැනීමට මෙතන ඔබන්න

ලිපිය : ජනා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...